වර්ෂ 2022 ක්වූ August 11 වැනිදා Thursday
ඇනස්ලි නානායක්කාර සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පියකු , සංගීතවේදියකු හා වේදිකා නාට්‍ය රංගන ශිල්පියකු වු ඇනස්ලි නානායක්කාර පසුගිය 17 වැනිදා අභාවප්‍රාප්ත විය. ඒ වන විට ඔහු හැත්තෑවැනි වියේ පසුවිය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ආරම්භ කළ 'පිබිදෙන ගායක පරපුර' ප්‍රථම වැඩසටහනෙහි ප්‍රථම ගීතය ගායනා කරමින් සංගිත ක්ෂේත්රයට අවතීර්ණ වූ ඔහු ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියෙකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' සහ 'සිංහබාහු' නාට්‍ය යුගලයෙහි රංගනයෙන් හා ගායනයෙන් දායක වූ ඔහු සුගතපාල සිල්වාගේ අපේ කට්ටිය නාට්‍ය කණ්ඩායම සමඟ 'නන්දි විශාල' විජය නන්දසිරිගේ 'කුස පබාවතී', මර්සි එදිරිසිංහ ගේ 'මෝහිණී' ඇතුළු වේදීකා නාට්‍ය රැසකට දායක වී ඇත. 'ළපලු ලතා මණ්ඩපයක', 'අන්දා සිත සිතුවම්', 'අවන්හලේ අඳුරේ', 'දවසින් දවසට' ඇතුළු ගීත රැසක්ද ඔහු ගායනා කර තිබේ.