වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
සිංහබාහු පළමු අදියරේ රූගත කිරීම් නිමයි
ජැක්සන් ඇන්තනි සිය පුතුන් දෙදෙන සමඟ එක්ව ප්‍රථමවරට රඟන සිංහබාහු සිනමාපටයේ ප්‍රථම අදියරේ රූගත කිරීම් දඹුල්ල ප්‍රදේශයේ දී අවසන් කළ බව සරසවියට දැනගන්නට ලැබිණ.
ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම නිර්මාණය වන මෙහි දෙවන අදියරේ රූගත කිරීම් ඊයේ දිනයේ දී අනුරාධපුර හච්චි කුච්චි ප්‍රදේශයේදී ආරම්භ කෙරිණ. මේ සිනමාපටය ඔස්සේ නව මුහුණු කිහිපයක් සිනමාවට හඳුන්වාදෙන අතර ආචාර්ය සෝමරත්න දිසානායක වෙනත් නිෂ්පාදකවරයකු සමඟ නිර්මාණය කරන ප්‍රථම චිත්‍රපටය ද මෙය වේ. ඉතා ජනප්‍රිය පුරාවෘත්තයක් වූ සිංහබාහූ පාදකකොට ගනිමින් විවිධ කලා නිර්මාණ රැසක් බිහිවුණිද එය සිනමාපටයකට නැඟෙන ප්‍රථම අවස්ථාව මෙයයි.