එතෙර නිම්නද 9 වැනිදා

ජුනි 30, 2022

 

මාස දෙකකට වරක් පවත්වනු ලබන එතෙර නිම්නද සංගීත ප්‍රසංගය එළැඹෙන ජූලි 09 වැනිදා ඩුබායි එයාර්පෝට් මෙලනයිට් හෝටලය දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

ඉන්දික කාරියවසම් ප්‍රමුඛ සිග්නේජ් වාදක මණ්ඩලයේ සංගීත රටාවට ශෂිකා නිසංසලා, දුමාල් වර්ණකුලසුරිය, කේ.සුජීවා, කාංචනා අනෝමානි පීරිස්, තිවංක දිල්ශාන්, චාතුර්යා සඳබරනි, ඩුබායි සුපර්ස්ටාර් ගායන ශිල්පින් වන කුෂී සහ සකින් ප්‍රසංගය ගීතවත් කරති. කථනය සිංදු ජා ශ්‍රී භාගනියා සහ උපේක්ෂා ගෙනි. ඇරෝ මිඩියා ශ්‍රී ලංකා එතෙර ඉවෙන්ට් ඩුබායි, රෝයල් ක්‍රිප්ස් ඩුබායි, වී.ජී.එම්.සි. ඩුබායි එතෙර නිම්නාද සංවිධානයට එක්වෙති.

විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාවෙන් හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙනි. ලේක්හවුස් ආයතනයෙන් මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දක්වයි.

එදින ගුවන් විදුලියේ ‘සිටි එෆ්.එම්’ සේවයෙන් මේ ප්‍රසංගය රාත්‍රි 9.00ට සජීවි ලෙස ප්‍රචාරය කෙරෙන අතර, රූපගත කළ සංදර්ශනය සති දෙකකින් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.