කාර් තෑගි ජෙට් බලාපොරොත්තු

ජුනි 30, 2022

 

යොවුන් නළු කාර්තික් ආර්යන් මේ වන විට බොලිවුඩයේ ජනප්‍රිය නළුවෙකු බවට පත් වී සිටි. ඉංජිනේරු උපාධියක් හිමි ඔහු මේ වන විට බොලිවුඩයේ සාර්ථක ගමනකට මුල පිරීමට සමත් වී ඇත. 'ප්‍යාර් කා පන්චරා 2' (2015) සහ 'සෝනු කී ටිටු කී ස්වීටි' (2018) ඔහුගේ රංගනයෙන් හැඩ වී විචාරක අවධානය මෙන්ම වාණිජ අතින් සාර්ථක චිත්‍රපට දෙකකි. ඔහුගේ රංගනයෙන් ඔපවත් වූ 'ධමකා' චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ගේ සහ විචාරකයන්ගෙන් ආදරය සහ ප්‍රශංසාව දිනා ගනිමින් ඉතා සාර්ථක ලෙස නිකුත් විය.

මෑතකදි ඔහුගේ රංගනයක් දැක ගත හැකි වූයේ 'භූල් භුලයියා 2' චිත්‍රපටයෙනි. ටී සීරිස් ෆිල්ම්ස් ඉදිරිපත් කළ හාස්‍යජනක ත්‍රාසජනක හින්දි චිත්‍රපටයක් වූ එය අනීස් බස්මිගේ අධ්‍යක්ෂණයකි. 'භූල් භුලයියා 2' චිත්‍රපටය සාර්ථක ලෙස තිරගත විය. එම සාර්ථකත්වය හේතුවෙන් ඔහුට වටිනා ත්‍යාගයක් හිමි විය. එය ඉන්දීය රුපියල් කෝටි 4.7 ක් වටිනා McLaren GT  ක්‍රීඩා මෝටර් රථයකි. කාර්තික් සතු එම මෝටර් රථය

ඉන්දියාවේ පළමු McLaren GT  මෝටර් රථයද වේ. මෙම මෝටර් රථය ඔහුට තෑගි කරන ලද්දේ ටී සීරිස් සභාපති භූෂන් කුමාර් විසිනි.

මේ අනුව  BMW 5 Series, MINI Cooper S Convertible, Porsche 718 Boxster ~ƒ Lamborghini Urus Capsule Edition  ඇතුළත් කාර්තික්ගේ මෝටර් රථ එකතුවට එක් වූ නවතම සාමාජිකයා ර්ජඹ්චපඥද ට්ඊ වේ. කාර්තික් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් භූෂන් කුමාර් හට ස්තූති කළේය. ඊළඟ චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසු පෞද්ගලික ජෙට් යානයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද සටහන් කළේය. භූෂන් කුමාර් ද කාර්තික් හට ස්තූති කර සිටියේ 'ෂෙසාදා' චිත්‍රපටය නිෂ්පාදනයේදී ඔවුන් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දුන් විට පවා කාර්තික් තමන් සමඟ සිටි බව හෙළි කරමිනි.