කුමාරට නින්ද ගිහින්

ජුනි 30, 2022

කුමාර වඳුරැස්ස පසුගිය දිනක ටෙලි නාට්‍ය රූගත කිරීමට යන්න තිබිලා. ඒත් එය අමතක වීම නිසා ඔහුට පසුවයි එය මතක් වී තිබෙන්නේ. ඒ මතක් වූ විගසට කුමාර දඩිබිඩි ගාගෙන ලෑස්ති වී දර්ශන තලයට යන්න වෙලා ඒ යන විටත් කුමාර එනකන් සහය අධ්‍යක්ෂවරයා විටින් විට දුරකතන ඇමතුම් දුන්නට කුමාර ඔහුගේ ඇමතුම ගැනීම පසකින් තබා ඇති බව දැන ගන්නට ලැබුණේ. මේ හේතුව නිසා එදාට සැලසුම් කළ රූපගත කිරිම් සිදු කල නොහැකි වන බව සහය අධ්‍යක්ෂවරයා සිත සිතා ඉන්න විට කුමාර දර්ශන තලයට ඇවිත්. කුමාර අයියේ මොකද පරක්කු. කාරණා දෙකක්. එකක් වාහනය අරගෙන මට මහපාරේ එන්න අමාරුයි. අනික ඊයේ රෑ ඉඳන් තෙල් පොලිමේ ඉඳලා යාන්තම් තෙල් ටිකක් ගහගන්න වුණේ. කියමින් බොරු කථාවක් ගොතා වේශ නිරූපණ ශිල්පියා ළඟට ගිය බවයි කියන්නේ. මේ කතාව දැන ගත් කිහිප දෙනෙකු දුරකතන ඇමතුම් දී කුමාර තෙල් පෝලිමේ ද කියා විටින් විට අසන බවයි අපට දැනගන්නට ලැබුණේ එයින් කේන්ති ගිය කුමාර මුන්ට මන් තෙල් පෝලිමේ හිටියත් අරකට ගියත් මේකට ගියත් හොයනවා කියමින් දර්ශන තලේ යකා නැටුවලු.