ජැක්සන් රිය අනතුරකට ලක්ව රෝහල් ගත කෙරේ

ජූලි 3, 2022

ප්‍රවීණ රූපණවේදී ජැක්සන් ඇන්තනි මහතා පසුගියදා (ජූලි 2) රාත්‍රී රිය අනතුරකට ලක්විය. ආචාර්ය සෝමරත්න දිසානායකගේ සිංහබාහු චිත්‍රපටයේ රූපගත කිරීම්වලට සහභාගි වී තමන්ගේ කැබ් රථයෙහි පැමිණෙද්දී අනුරාධපුරයේ තලාව, මොරගොඩ දී මාර්ගය හරහා හුවමාරු වූ වන අලියකු රියෙහි ගැටී ,කැබ් රථයට වැටීමෙන් මේ අනතුර සිදුවිය.

ජැක්සන්ගේ සොහොයුරු සහ සහායකයාද මෙහිදී තුවාල ලබා ඇත. එවලෙහිම අනුරාධපුර ශික්ෂණ රෝහලටද අද (ජූලි 3) උදෑසන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයටද ඔවුන් ඇතුළත් කොට ඇත.

එහි ප්‍රතිකාර ලබමින් සිටින ජැක්සන් ඇන්තනි කලාකරුවා ඇතුළු තිදෙනාට සරසවියේ අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.