සෙල්ෆියටත් වෙලාවක්

ජූලි 21, 2022

පසුගිය දින කාලයේදී ගායන ශිල්පිනී ශෂිකා නිසංසලා, කේ.සුජිවා සහ ගායන ශිල්පී දුමාල් වර්ණකුලසූරිය එතෙර නිම් නද සංගීත ප‍්‍රසංගයකට ඩුබායි ගියා. මේ ප‍්‍රසංගයේ ඔවුන් ගීත ගයන්න ආවත් වැඩි වෙලා ගත කරන්න වෙලා තියෙන්නේ සෙල්ෆි ගැනීමට සහ ෆොටෝ ගැනීමට බවයි දැනගන්නට ලැබෙන්නේ. මේ නිසා ශෂිිකා, සුජීවා සහ දුමාල් අපහසුතාවයට පත්වුණා. සංගීත ප‍්‍රසංගයට සහභාගි වුණු සියලූ‍ දෙනාගේම අදහස වෙලා තිබෙන්නේ මින්පසු ප‍්‍රසංගවලට සහභාගි වෙන්නට පැයකට පමණ කලින් රසිකයන්ගේ සෙල්ෆි ඉල්ලීම් ඉටු කිරීම වැදගත් බවයි.