මට අමතක නෑ

ජූලි 21, 2022


 
 මේ වන විට පවත්වනු ලබන දෙරණ 60 චකමි 4 වැනි අදියරේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන විශාරද එඞ්වඞ් ජයකොඩි, විනිශ්චය දෙන අතරතුරේ, තර`ගකරු ගායනයෙන් අනතුරුව, සියලූ‍ දෙනාම මවිතයට පත් කරමින් කියා සිටියේ”‍ මම පොඞ්ඩක් ගල්කිස්ස කනත්තට ගිහිල්ලා එන්න යනවා.”‍ කියලායි. ඔහු සමඟ විනිශ්චයේ යෙදුණු නලින් පෙරේරා, සෙව්වන්දි රණතුංග සහ විශ්ව ලංකා එකවරම පුදුම වෙලා බලා සිටියා. සියලූ‍ දෙනා එඞ්වඞ් ජයකොඩි දිහා බලාගෙන සිටින අතරතුර ඔහු තර`ගකරුට මෙසේ කීවා. ර්‍ණමම මේ යන්නේ අප අතරින් වෙන් වී ගිය ප‍්‍රවීණ මාධ්‍යවේදී ලලිත් එස්. මෛත‍්‍රීපාලගේ සොහොන් කොත ළඟටයි. ර්‍ණදුක් ගී කලාවේ රජ්ජුරුවෝ” ලෙස හඳුන්වන මිල්ටන් පෙරේරාට ඔබ ඔය ගැයූ ගීතයේ පදවැල් ලිවිවේ ඔහුයි. සඳුන් ගසක එතී සමන් ලතාවක මල් පරවී ගියත්, ඔවුන් දෙදෙනාගේ නාමය අද වෙනකල් පරවී ගියේ නෑ. තවත් විශේෂ දෙයක් වන්නේ මගෙත් චරිතාගේත් විවාහ උත්සවයේ පෝරුවේ චාරිත‍්‍ර කළේ ලලිත් එස්.මෛත‍්‍රීපාල මහතායි. එනිසා කවදාවත් ඔහු අමතක කළ නොහැකියි” කියමින් එඞ්වඞ් ජයකොඩි සැනසුම් සුසුමක් හෙළුවා.