වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
අද තරු නෑ

බොලිවුඩයේ පැරණිතම පවුල් ගස වන ප්‍රීතිවිරාජ් කපූර් පෙළපතේ සාමාජිකාවක වන කරීනා කපූර් ඛාන් මේ වන විට තම රංගන ජීවිතයේ අතිසාර්ථක ගමනක නිරත වන්නීය. එයට තවත් එක් විශේෂත්වයක් හිමි වන්නේ මේ ගමනේදී ඇය දෙවරක් මව් පදවිය ලබමින් එම ගමන පැමිණිමයි. මේ වන විට ඇය බොලිවුඩයේ දශක දෙකක් පසුකර සිටින්නීය. ඉදිරියේදී චිත්‍රපට නිෂ්පාදනයටද දායක වීමට අදහස් කර සිටින ඇය පසුගියදා මාධ්‍ය සාකච්ඡුාවකට එක් වෙමින් සිනමා තරු පිළිබඳ සිය අදහස් දැක්වූවාය.
කරීනාගේ අදහස අනුව මේ වන විට තරු බලය මත පදනම් වූ චිත්‍රපට යුගය පහව ගොස් ඇත. ඇය පවසන පරිදි අන්තර්ජාල ප්‍රවාහ සේවා සහ කොරෝනා වයිරස් වසංගතය විසින් පරිවර්තනය කරන ලද සිනමා ලෝකයක චිත්‍රපටයක ඉරණම තීරණය කරන්නේ අන්තර්ගතයයි. ”අද තරු පායනවා. හෙට සිදුවන්නේ කුමක්ද සහ යා යුත්තේ කුමන දිශාවටද යන්න කිසිවෙකු දන්නේ නැත. එබැවින්, අන්තර්ගතය සහ පිටපත සමඟ වඩාත් හොඳ දේ කියවීම සහ ලිවීම කෙරෙහි අවධානය යොමු කරමු. එවිට සියලූම නළු නිළියන් ආරක්ෂිතයි” ඇය පවසන්නීය.
එසේම සමාජ මාධ්‍යවල තරු ජනප්‍රිය වීම බොක්ස් ඔෆිස් සාර්ථකත්වය සහතික නොකරන බවද ඇය පෙන්වා දෙන්නීය.
”මට අනුව අද තරු නැහැ. හෙට කාගෙ හරි ෆිල්ම් එකක් කෝටි 50ක ආරම්භක ආදායමක් ගන්නවා කියලා සහතිකයක් නෑ. සමාජ මාධ්‍ය තුළ ඕනෑම කෙනෙකුට මිලියන 50 අනුගාමිකයින් සිටිය හැකි පමණින් ඔහු හෝ ඇය විශාලතම තරුව බවට පත් වන්නේ නැහැ ඇය පවසන්නීය.