මාත‍්‍රාවෙන් දුන්න පණක්

අගෝස්තු 4, 2022

 
 පසුගිය සතියේ ස්වර්ණවාහිනී නාලිකාවේ ”මාත‍්‍රා” නමින් හරි අපූරු සංගීත වැඩසටහනක් තිබුණා. එදා වැඩසටහන පුරාවටම කියවුණේ ගායනා කළේ දේශාභිමානී ගීත හා ශ‍්‍රී ලාංකික අනන්‍යතාවේ ලක්ෂණයි. වැඩසටහන මෙහෙය වූ ප‍්‍රවීණ මාධ්‍යවේදී චන්දන තිලකරත්න වැඩසටහන පුරාවටම ගෙන ගියේ රටක පිබිදීම හා මේ රටේ සියලූ‍ දෙනාම ජාති පාට පක්ෂ භේදයකින් තොරව එකම ධජයක් තුළ ජීවත්විය යුතුයි යන සංකල්පයයි. ඒ සඳහා ඔහු විශේෂ නියැ`දි කිහිපයක් තෝරාගෙන තිබුණා. ඒ තෝරා ගත්ත නියැ`දිවලින් කිහිපදෙනකු වන රංගන ශිල්පී විල්සන් ගුණරත්න, ප‍්‍රවීණ ක‍්‍රීඩා විස්තර ප‍්‍රචාරක පේ‍්‍රමසර ඈපාසිංහ, ගායන ශිල්පී භාතිය ජයකොඩි සහ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මේ හැම දෙනාගේම තෝරාගැනීම තුළ තිබුණේත් රටේ අභිමානය පිළිබඳ ගීතයි. අභිමානවත් ජාතියක් ලෙස අරගල වෙනුවට අපි පෙරටම ගමන් කළ යුතු බවත් මේ හැම මොහොතකම කියා සිටියේ. අපේ රටට හොඳ ගීත සාහිත්‍යයක් තියෙනවා. එය අපි සියලූ‍ දෙනාම දැන ගත යුතු බවත් අවධාරණය කෙරුණා.