වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
ලිගර් තරුව උපාධිධාරී තේ කඩයට

ලිගර් යනු පූරි ජගන්නාද් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු ක‍්‍රීඩා ක‍්‍රියාදාම චිත‍්‍රපටයකි. තෙළිඟු සහ හින්දි භාෂාවලින් නිර්මාණය කෙරෙන මෙම චිත‍්‍රපටයේ විජේ දෙවෙරකොන්දා සහ අනන්යා පාණ්ඬේ රංගනයෙන් දායක වෙති. ලිගර් චිත‍්‍රපටය බොක්සිං ක‍්‍රීඩාව තේමා කොට ගෙන නිර්මාණය කර ඇති අතර විජේ දෙවෙරකොන්දා නිරූපණය කරන්නේ වෘත්තීය බොක්සිං ක‍්‍රීඩකයකුගේ චරිතයක්. මයික් ටයිසන් යනු බොක්සිං කිව්වාම ඕනෑම කෙනෙකුට සිහිපත් වන විශේෂ චරිතයක්. විජේ සමඟ බොක්සිං ශූර මයික් ටයිසන් ලිගර් හි දීර්ඝ ආරාධිත චරිතයකට දායක වී සිටී. 1985 සිට 2005 දක්වා තරග කළ මයික් ටයිසන් ලොව සිටි විශිෂ්ට අධිබර බොක්සිං ක‍්‍රීඩකයන්ගෙන් කෙනෙකි.
ලබන 25 වැනිදා සිට තිරගත කිරීමට නියමිත ලිගර් චිත‍්‍රපටයේ ප‍්‍රවර්ධන කටයුතු මේ වන විට ඉන්දියාව පුරා සිදුකෙරෙන අයුරු දැකගත හැකියි. ඒ අතර විජේ සුවිශේෂ ස්ථානයකට ගිය අයුරු වාර්තා විය. ඔහු පැට්නාහි සුප‍්‍රකට වීදි තේ කඩයකට ගොස් තේ පානය කළ අයුරු එහි දැක්විණි. ඨර්ාම්එැ ක්‍ය්සඅ්කස (උපාධිධාරී තේ විකුණන්නා) නම් වූ මෙම වීදි තේ කඩය පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ප‍්‍රසිද්ධයක් ලබා ගැනීමට සමත් විය. එම තේ කඩයේ හිමිකාරිය 24 හැවිරිදි ප‍්‍රියංකා ගුප්තාය. 2019 වසරේදී ආර්ථික විද්‍යා උපාධියක් ලද ඇය දෙවසරක් පුරා රැකියාවක් සොයා නොලද තැන පැට්නා හි කාන්තා විද්‍යාලය අසල තේ කඩයක් ආරම්භ කළාය. හයිද්‍රාබාද් සහ මුම්බායි හිදී ලිගර් චිත‍්‍රපටයේ ප‍්‍රවර්ධන කටයුතුවලින් අනතුරුව විජේ ගොස් තිබුණේ පැට්නා හි මෙම සුප‍්‍රසිද්ධ තේ කඩයටය. එහිදී රසික රසිකාවන් සමඟ තේ (චායි) රස විඳි ඔහු ඡායාරූප සඳහා ද පෙනී සිටියේය.