දිය කිඳුරියන් සේ

සැප්තැම්බර් 8, 2022

බිය පසෙකින් තබා රේණුකා බාලසූරිය එක්තරා දිනෙක රාත්‍රියෙ අනුරාධපුර ප්‍රදේශයේ පිහිනුම් තටාකයකට බැස්ස බව කවුරුත් නොදන්නා රහසකි. සිදුවීම සිදු වෙලා තියෙන්නේ පසුගිය දිනවල සිංහබාහු චිත්‍රපටය රූගත කරන අතරතුරේදියි.. අරුණි මෙන්ඩිස් හා දුශේනි ද රේණුකාගේ තනියට ගොස් තිබෙනවා. මධ්‍යම රාත්‍රීයේ නෑමට ප්‍රිය කරන පුද්ගලයන් සිටිනා බව හරියාකාරවම තහවුරු වුණේ මේ තිදෙනාම තටාකයේ බොහෝ වේලාවක් තිස්සේ එහා මෙහා පිහිනා යමින් රිසි සේ හැසිරුණු නිසා. කෙසේ වෙතත් මෙය මතක සටහනක් ලෙස තබා ගැනීමට තිදෙනාම ඡායාරූපයක් ගෙන මුහුණු පොතට මුදාහැර තිබෙනවා. ඒ දුටු බොහෝ දෙනා නොයෙක් ප්‍රතිචාර ද දක්වා තිබුණා.