Youth With Live In Concert 17 වැනිදා

සැප්තැම්බර් 15, 2022

 

Youth With Live In Concert  ලබන 17 වැනිදා සවස ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. තරුණ පරපුරේ ගායක නිලාන් හෙට්ටිආරච්චි ඇතුළු ශ්‍රී ලංකා යූත් සංගීත කණ්ඩායමේ සංගීත නාද රටාවට ජාතික තරුණ සේවා සභාවෙන් බිහිවු ගායක ගායිකාවෝ රැසක් එදින ප්‍රසංගය ගීතවත් කරති.

මේ ප්‍රසංගයේ දී මහරගම සහ බෙල්වුඩ් පුහුණු අභ්‍යාසලාභීන් විසින් සිය දක්ෂතාවන් එළිදක්වනු ඇත. මේ මඟින් දක්ෂ සංගීත ඩිප්ලෝමාධාරියකු ලෙස කරළියට පා තැබීමට කැමැති ඔබට ජාතික තරුණසේවා සභාව සමඟ අත්වැල් බැඳ ගැනීමට අවස්ථාව හිමිවේ. ඉදිරියේදී මෙම සංගීත ප්‍රසංගය දිවයින පුරා පැවැත්වීමට ජාතික තරුණසේවා සභාව මේ වන විටත් කටයුතු සංවිධානය කොට ඇත.