වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
ජීවිතයට වඩා විශාලයි

සූරියා දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රියතම තරුවකි. ඔහුගේ මීළඟ චිත්‍රපටය 'සූරියා 42' මේ වන විටත් කොලිවුඩයේ බලාපොරොත්තු සහගත චිත්‍රපටයක් බවට පත් වී තිබේ. බොලිවුඩ් නිළි දිෂා පතානි මෙම චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයකට පණ පෙවීමට නියමිත අතර එම රංගනය ඇයගේ මංගල කොලිවුඩ් රංගනය වනු ඇත. පසුගිය දිනෙක ඇය 'සූරියා 42' චිත්‍රපටය ගැන අදහස් දැක්වූවාය.
'සූරියා 42' චිත්‍රපටයේ තමන් මෙතෙක් නිරූපණය නොකළ චරිතයකට පණ පොවන බව ඇය පැවසුවාය. අධ්‍යක්ෂ සිරුතායි ශිවාගේ මෙම නිර්මාණය තමාට මෙන්ම රසික රසිකාවන්ට ද 'ජීවිතයට වඩා විශාල අත්දැකීමක්' වනු ඇති බව ඇය පැවසුවාය. "ජනප්‍රිය නළු සූරියා සහ අධ්‍යක්ෂ ශිවා සමඟ මගේ ඊළඟ චිත්‍රපටය නිවේදනය කිරීම විශාල සතුටක්. ඒ ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ජීවිතයට වඩා විශාල අත්දැකීමක් රිදී තිරයේ අත්විඳීමට ලැබෙනු ඇත. මම පණ පොවන චරිතයත් සුවිශේෂයි".
දීෂා, සිය රංගන දිවිය ආරම්භ කළේ 2015 වසරේදී 'ලෝෆර්' නම් තෙළිඟු චිත්‍රපටයෙනි. 'එම්.එස් දෝනි: දි අන්ටෝල්ඩ් ස්ටෝරි', භාගි 2','රාධේ', 'ඒක් විලන් රිටන්ස්' ඇය මෙතක් දායක වූ සිනමාපට අතරින් කිහිපයකි. 'සූරියා 42' චිත්‍රපටයේ රූගත කිරීම් මේ වන විට සිදුකෙරෙමින් ඇති අතර එය භාෂා 10 කින් නිකුත් කිරීමට නියමිත බව නිෂ්පාදකයෝ නිවේදනය කර සිටිති.