වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
ලොරි නම්බර්

පසුගිය දිනෙක ගල්කිස්ස ප්‍රදේශයේ සිනමා පටයක මුහුරත් උලෙළක් පැවැත්වුණා. මේ සඳහා සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක්ද සහභාගී වීම විශේෂීත දෙයක් වුණා. ඒ පැමිණ සිටි අය අතර සිටි ප්‍රීතිරාජ් වීරරත්න, මාර්ක් ප්‍රනාන්දු හා රාජ් රණසිංහ කා අතරත් ජනප්‍රිය චරිත තුනක් බවට පත්වුණා. නව සිනමා පටයේ මුහුරත් උලෙළ අවසන් වීමෙන් පසු රාජ් රණසිංහ සුහද පිළිසඳර අතරේ අතීත සුන්දර මතක ආවර්ජනය කළා. එයට සවන්දුන් ප්‍රීතිරාජ් සහ මාර්ක් ප්‍රනාන්දු කියා සිටියේ “නොම්බර17 චිත්‍රපටය දුවපු දිවිල්ල කොහොමද” කියන එකයි. එය ගාණකට නොගෙන රාජ් විහිළුවට කියා සිටියේ එදා වගේ ලොරි නම්බර් කවුරුවත් දැන් ගණන් ගන්නේ නැති බවයි.