නින්ද නොයන සතුට

සැප්තැම්බර් 22, 2022

 

සියත ටී. වී"Star Wars" වැඩසටහන සඳහා පසුගිය දිනෙක ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහභාගී කරවා ගෙන තිබුණි. ඒ සඳහා ක්‍රීඩකයන් දහතුන් දෙනකු සහභාගි විය. මෙම වැඩසටහනේ විශේෂත්වය වූයේ දැනට යූටියුබ් නාලිකාවක පැය 24ක කාලයකදී වැඩිම නැරැඹුම් වාර සංඛ්‍යාව සටහන් කළ වැඩසටහන වීමයි. Star Wars ඉහළින් ඔසවා තබන්නට ප්‍රේක්ෂක මනාපය තව තවත් ඉහළ ගියේය. එයට අභියෝග කළ එකම වැඩසටහන වූයේ ඉන්දියාව නිෂ්පාදනය කළ “තෑන්ක්ස් ⁣ ගෝඩ්” සිනමා පටයේ “මැණිකේ ඔබේ” ගීතයයි. එම ගීතය මිලියන විසි එකක් නැරඹු අතර පැය 24ක් යන්න මත්තෙන් ලක්ෂ හතරේ සීමාව ඉක්මවා ගිය බව පෙනේ. "Star Wars" වැඩසටහන පළමු තැන ගනිද්දී "Thanks God" දෙවන තැන පැමිණියා. එදිනම වූ තවත් විශේෂත්වයක් වන්නේ දසුන් චානකගේ සහ චාමික රංග කරුණාරත්නගේ පළමු සජීවී වැඩසටහන එය වීමයි. පැය දෙකක කාල හෝරාවක් තුළ වැඩසටහන මෙහෙය වූ හංසලී වැඩසටහන අවසන් වීමෙන් පසු ඇති වූ බලවත් සතුටට උද්දාමයෙන් නොනිදා සිටි බව ද කියැවේ. තවද “සිංහයන්ට ජය” කියලා හැමෝම like කර තිබුණි. ගෑනු හිත් හයියයි කියනවා...... ඒ වගේමයි ගෑනු හිත් හරිම සංවේදියි කියනවා......

මගේ හිත කොච්චර චංචල වෙලාද කියනව නම්, මේ මහ පාන්දර 3.45 ටත් මම නිදිවර්ජිතව, මම මේ කරපු වැඩසටහන පැය විසිහතරක් ගතවීමට මත්තෙන් ජනපි‍්‍රයවීම ගැන හිතමින්, සතුට වැඩිකමට නොනිදා ඒක භුක්ති විඳීනවා...........

ඒක මාරයි,,,,, ඒක මාරම සතුටක්.... හංසලී කීවා.