කුමාර තිරිමාදුරගේ කුලුඳුල් ටෙලි නාට්‍යයට නවක රංගන ශිල්පීන්ටත් අවස්ථාවක්

සැප්තැම්බර් 29, 2022

දේශීය හා අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ, අධ්‍යක්ෂ, තිර නාටක රචක හා ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුර විසින් ප්‍රථම වතාවට අධ්‍යක්ෂණය කරනු ලබන ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු ළඟදීම ආරම්භ කිරීමට නියමිතය. එහි ප්‍රධාන චරිත කිහිපයක් සඳහා නවක රංගන ශිල්පීන් කිහිපදෙනකුට අවස්ථාව ලබාදීමට කුමාර තිරිමාදුර අදහස්කර සිටී. සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර ප්‍රධාන චරිත නිරුපණය කරන මෙම ටෙලි නාට්‍යයේ‍ නවක රංගන ශිල්පීන් තෝරා ගැනිම එළඹෙන ඔක්තෝබර් 2 වැනිදා උදෑසන ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදි සිදුකරන බැවින්, ඒ සඳහා සහභාගිවීමට කැමති සියලු දෙනාට ආරාධනා කරයි.