සිත වෙනස් නොවූ අරුණි

සැප්තැම්බර් 29, 2022

 

සිංහබාහු සිනමාපටයේ මේ වෙන විට රූගත කිරීම් සිදු කරමින් පවතිනවා. මේ අතරතුරේ අරුණි මෙන්ඩිස් ගේ උපන්දිනය අනුරාධපුරයේදී සමරන්න සියලු කටයුතු සිංහබාහු පිරිවර සූදානම් කර තිබුණා. මේ කිසිදු කාරණාවක් අරුණි මෙන්ඩිස්‍ දැනගෙන තිබුණේ නෑ. අනතුරුව දර්ශන තලයේ සිටි සියලු දෙනාම එක්ව අරුණිට කේක් කැවූ අතර අරුණි සේලාර සොයා ගොස් කේක් කැව්වාය. එය දුටු අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායකද ඉතුරු වූ කේක් කෑල්ල අරුණිට කියා කවා ගත්තේය.