කලකට පසු දෙදෙනාම

සැප්තැම්බර් 29, 2022

දිගු කාලයකට පසුව ආචාර්ය සරත් අමුණුගම සහ ඇගේ දියණිය වූ වරුණි අමුණුගම මාධ්‍ය ලෝකයේ සමීපතමයකු වු රොස්මන්ඩ් සේනාරත්නගේ 50 වසරක ඇසිදිසි මාධ්‍ය මෙහෙවර එළිදැක්වීමේ උලෙළට සහාභාගි වුණා.ආචාර්ය සරත් අමුණුගම මෙම උලෙළේදී ඔහු එවකට කීර්තිමත් පරිපාලන නිලධාරියකු ලෙස කටයුතු කරන කාලයේ සිදු වු රසබර කතා රැසක් මාධ්‍ය හිතවතුන් අතර බෙදා ගත්තා. කාර්යබහුලත්වය නිසා උත්සවවලට යාමට තරමක් අපහසු වුවත් පියා සහ දියණිය දෙදෙනාම එක්ව මෙම උත්සවයට පැමිණීම ද විශේෂත්වයක් විය. විද්‍යුත් මාධ්‍යකරණයේ දෙරණ නාලිකාවට අනන්‍යතාවයක් ඇති කිරීමට වරුණි ගත් උත්සාහයත් පියාගේ උපදෙසුත් මෙහිදී බොහෝදෙනාට සිහිපත් වෙන්නට ඇති. එහිදී ආචාර්ය සරත් අමුණුගම වැඩිදුරටත් සඳහන් කළේ දැල්වූ මේ පහන් සිළ මතු පරම්පරාව වෙනුවෙන් චිරාත් කාලයක් වැජඹේවා යන්නයි.