වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
බොලිවුඩයේ බදු ගෙවන කැනඩාවේ පුරවැසියා

පසුගිය කාලයේ ආක්ෂේ කුමාර් ගැන ප්‍රකට පුවත වූයේ ඔහු බොලිවුඩයේ ඉහළම බදු ගෙවන නළුවෙකු බවය. එසේම ඔහුගේ
කැනේඩියානු පුරවැසිභාවය ගැනත් කතා බහට ලක් විය. මාධ්‍ය හමුවලදී බොහෝ දෙනා ඔහුගෙන් විමසා සිටියේ කැනේඩියානු විදේශ ගමන් බලපත්‍රයක් තිබියදීත් ඉන්දියාවේ බදු ගෙවන්නේ ඇයි දැයි යනුවෙනි.
ආක්ෂේ හට කැනඩාවේ පුරවැසිභාවය හිමි වී තිබෙන්නේ මීට වසර කිහිපයකට පෙරදීය. ඒ ඔහු දායක වූ චිත්‍රපට පෙළක් ආසර්ථක වූ විටදී වෙනත් ස්ථානයකට යාමට ඔහුගේ කැනේඩියානු මිතුරෙකු කළ යෝජනාවක් අනුවය. එබැවින් ආක්ෂේ කැනඩාවේ පදිංචියට යාමට සිතූ නමුත් කැනේඩියානු පුරවැසිභාවය ලැබීමෙන් පසු ඔහු නැවතත් චිත්‍රපට සමඟ බොලිවුඩයේ සාර්ථක වූ හෙයින් ඉන්දියාවේ සිටීමට තීරණය කළේය.
වරෙක ආක්ෂේ ඔහුගේ කැනේඩියානු පුරවැසිභාවය ගැන මෙසේ ලිවීය. "මා සතුව කැනේඩියානු විදේශ ගමන් බලපත්‍රයක් ඇති බව කිසි විටෙකත් සඟවා හෝ ප්‍රතික්ෂේප කර නැත. පසුගිය වසර හත තුළ මා කැනඩාවට ගොස් නොමැති බව ද ඒ හා සමාන සත්‍යකි. මම ඉන්දියාවේ වැඩ කරන ඉන්දියානුවෙක්. එසේම මා ඉන්දියාවේ බදු ගෙවන්නෙක්. මේ අවුරුදු ගණනාව පුරා මගේ මව් රට කෙරෙහි මගේ ආදරය කිසිවෙකුට ඔප්පු කිරීමට මට අවශ්‍ය නොවූවත් මගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය නිරන්තරයෙන් විමසීම සේම අනවශ්‍ය මතභේදයක් දක්වා ඇදගෙන යාම කලකිරීමකි".