මිස් බී

සැප්තැම්බර් 29, 2022

 

විවිධ ආකාරයේ භූමිකාවන් තුළ සිය දක්ෂතාවය ඔප්පු කර ඇති තමන්නා භාතියා ඉන්දීය සිනමාවේ ඉහළම ප්‍රේක්ෂක ආදරයක් ලබන නිළියන්ගෙන් අයෙකි. ඇයගේ නවතම චිත්‍රපටය වන Babli Bouncer  පසුගිය 23 වැනිදා රිදී තිරයේ දිග හැරුණි. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ජාතික සම්මානලාභී අධ්‍යක්ෂක මධූර් භන්දාර්කාර්ය. ඔහු Chandni Bar  (2001),Page 3  (2005) සහ Fashion ( (2008) වැනි කාන්තා චරිත ඉස්මතු වූ චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා ප්‍රසිද්ධය.Babli Bouncer   චිත්‍රපටයේ තමන්නා පණ පොවන්නේ මින් පෙර නොදුටු කාන්තා චරිතයකි. අධ්‍යක්ෂවරයා තමන්නා මෙම සුවිශේෂ චරිතය වෙනුවෙන් තෝරා ගැනීමට මුල් වී තිබෙන්නේ මීට පෙර ඇය රංගනයෙන් දායක වූ Baahubali  චිත්‍රපටයයි.

තමන්නා මෑතකදී මුහුණ දුන් සම්මුඛ සාකච්ඡාවකදී Babli Bouncer  චිත්‍රපටයේ බබ්ලිගේ චරිතය සහ වර්තමානයේ පිටපත් සඳහා වැඩි අවධානයක් යොමු කරන ආකාරය ගැන කතා කළාය. බබ්ලි යනු තමා මෙතෙක් නිරූපණය කළ චරිත අතරින් දැඩි ආත්ම විශ්වාසයක් ඇති තරුණියකගේ චරිතයක් බවත් ඇය එහිදී පැවසුවාය. තම ජීවිතයේ රසවත් වචනයක් ඇති බව වැඩිදුරටත් පවසමින් ඇය සඳහන් කළේ "මගේ ජීවිතයේ රසවත් වචනයක් තිබේ. මම බාහුබලි හිටියා. දැන් එය බබ්ලි වෙලා. ඒ නිසා මම මිස් බී" යනුවෙනි.