‘ද නිව්ස්පේපර්’ කොළොම්තොට බුහුමන් ලැබූ වගයි

ඔක්තෝබර් 6, 2022

“ද නිව්ස් පේපර්” සිනමා පටය මොස්කව් අන්තර් ජාතික සිනමා උලෙළේ දී ලැබූ සම්මානයන් වෙනුවෙන් හා නිර්මාණශිලී සිනමා වෘත්තාන්තයක් ලෙස ප්‍රේක්ෂකයා වෙත සම්ප්‍රේෂණය කරමින් හෙළ සිනමා වංශකතාවේ සංධිස්ථානයක් සනිටුහන් කර ශ්‍රී ලාංකික සලකුණ ජාත්‍යන්තරයට ගෙන යමින් ප්‍රකට කළ නිර්මාණාත්මක ප්‍රතිභාව උදෙසා පසුගියදා කොළොම්තොට උත්තමාචාර සම්මානයෙන් පිදුම් ලැබීය. මේ අනුව “ද නිවුස්පේපර්” චිත්‍රපටයේ නිර්මාණ ශිල්පීන් ඇගැයීම කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ හා දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ සංවිධානයෙන් පසුගිය දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රියර් අද්මිරාල් සරත් වීරසේකර, මේජර් ප්‍රදීප් උඳුගොඩ, දිස්ත්‍රික් ලේකම් දිසාපති ප්‍රදීප් යසරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවයට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රදේශීය ලේකම්වරු, සංස්කෘතික බල මණ්ඩලයේ නිලධාරිහු, ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ කලාකරුවෝ මෙන්ම ආරාධිතයෝ රැසක් සහභාගි වූහ. එහිදී “ද නිවුස් පේපර්” වෙනුවෙන් සම්මාන පිරිනැමීමක් සිදු කෙරිණ. අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන දෙකක්ද, නිෂ්පාදනය වෙනුවෙන් සම්මාන තුනක් ද, හොඳම නළුවා සඳහා සම්මාන දෙකක් සමඟ සෙසු සම්මාන 45ක් ද මෙහිදී පිරිනැමිණ.

සටහන සේයාරූ- නිශ්ශංක විජේරත්න