වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
කුමාරගෙන් හොඳ ඇමතීමක්
පසුගිය දින චිත්‍රපට සංස්ථාවේ තිර පරීක්ෂණයක් පැවැත් වුණා. ඒ කුමාර තිරිමාදුර අධ්‍යක්ෂණය කරන life guard නම් පළමු ටෙලි නාට්‍යය සඳහායි. ලංකාවේ නන් දෙසින් තිර පරීක්ෂණය සඳහා පැමිණ සිටි පිරිස හය සියයකටත් අධිකයි. තිර පරීක්ෂණයක් සඳහා එතෙක් මෙතෙක් වැඩිම පිරිසක් සහභාගී වූ ටෙලි නාට්‍යය ලෙස එය වාර්තාවක් තැබුවා. කුමාර තිරිමාදුරගේ තිර පිටපත් රචනය සහ අධ්‍යක්ෂණයක් වන life guard හි සරත් කොතලාවල ප්‍රධාන භූමිකාවක රංගනයේ යෙදෙනවා. මේ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරුන් හතර දෙනා වන්නේ චුලක ද සිල්වා, ධනංජය ප්‍රනාන්දු, කිංස්ලි ලෝස්, යුරේකා නිශාන්ති සහ ෂෙහාර් හෙට්ටිආරච්චියි. මේ සියලු දෙනාම එක්ව පරීක්ෂණය පවත්වන අතරතුර විවිධ දක්ෂතාවලින් හෙබි තරුණ තරුණියන් අවස්ථාවක් ලබා ගැනීම සඳහා උපරිම දක්ෂතාවයන් පෙන්නුවා එදා උදේ 9 ට ඉඳගත් කුමාර තිරිමාදුරට හවස 3 වෙනකම් පුටුවෙන් නැගිටින්නට ලැබුණේ නැහැ. සියලු ශාරීරික අවශ්‍යතාවයන් පවා මැඩ පවත්වාගෙන තිර පරීක්ෂණය කරන අතරතුර දන්නා හඳුනන නළුවෙකුත් ආධුනිකයකු මෙන් තිර පරීක්ෂණය සඳහා පෝලිමේ ආවා . මතක හැටියට ඔහුගේ අංකය දෙසිය හැත්තෑ ගණනක්. ඒ තමයි ඉෂාන් ගම්මුදලි. මුහුණ නොබලා තිරපිටපත් පරීක්ෂණය සඳහා දුන්නු කඩදාසිය අරන් විනාඩියක්, දෙකක් ගිය පසුව හිස ඔසවා බලන විට කුමාරට දෙළොව රත් වුණා. මේ වැඩේට අනුබල දුන්නු මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන උපුල් නිශාන්තටත් එයට සහාය දුන් සියලුදෙනාටත් කුමාරගෙන් වෙනදා වගේම හොඳ ඇමතීමක් ලැබුණා.