පරම්පරාවෙන් පරම්පරාවට

ඔක්තෝබර් 6, 2022

 

නුවන්ගි ලියනගේ කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක්. පසුගිය දින ටිකේම නුවන්ගි එක එක නාඩගම්වල නටන්නට සූදානම් වූ බවයි දැන ගන්නට ලැබුණේ. මේ සඳහා ඇයට සරිලන උසට ගැළපෙන මහතින් යුතු අලුතෙන් තරුණයකු ද නැටුමට එකතු කර ගත් බවත්, ඇගේ නර්තනය පුහුණුවට ගුරුහරුකම් සඳහා යෙහෙළියක් ද එකතු කරගෙන සිටින බවටත් විවිධ ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබුණා. ඒත් මෙය කාටත් හොර රහසේ තබාගෙන දාහතර වෙනිදාම නටන්නටයි නුවන්ගිට වුවමනාව තිබුණේ. කොහොම වුණත් අවසානයේ සිදුවුණේ හැංගි හැංගි බැන්ද වෙස් සියලු දෙනා ඉදිරියේ ඊට ඉස්සෙල්ලා නටන්නවීම යි.