වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
හැංගි හැංගි බැන්ද වෙස්
ගේය පද රචක කරුණාරත්න අබේසේකරයන් අපට සිටිය අමරණීය දක්ෂ නිවේදකයකි. ඔහු ලියූ ගීතවලට හඬ මුසුකළ එක් ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීයකු වූයේ මිල්ටන් පෙරේරාය. අබේසේකරයන්ගේ සහ පෙරේරාගේ සුසංයෝගයෙන් නිර්මාණය වූ ගීත එදා මෙන් අදත් නොනැසී පවතී. ඒ එම ගීත පරම්පරාවෙන් පරම්පරාවට අඛණ්ඩව රැගෙන ආ නිසයි. මිල්ටන් පෙරේරා ගෙන් පසුව ප්‍රියංකර පෙරේරා සහ චලක චමුපති පෙරේරා ඔහුගේ ගීතාවලිය සමාජයට රැගෙන ගියහ. මේ කතාව පසක් කරමින් පසුගිය දවසක ප්‍රියංකර පෙරේරා විවෘත වේදිකාවකදී තම පුතාට සහ අතුල අධිකාරි ගේ දියණියට පැවසුවේ ඒ ගීත නොනැසී ඉදිරියට රැගෙන යා යුත්තේ අපෙන් පසු ඊළඟ පරම්පරාව ඔවුන් බවයි. ඒ පිය පුතු දෙදෙනා කවින්ද්‍යා එක්ව මිල්ටන් පෙරේරාගේ ගීතයක් ගායනා කළේ රසික සිත් සතන් සනසමින් දෑස්වලින් කඳුළු ගලා එන්න සලස්වමින්ය.