වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
එඩ්වඩ්-චරිතාගේ පුතු චන්දීප විවාහ වෙයි
ප්‍රවීණ ගායක ගායිකා යුවළක් වන එඩ්වඩ් ජයකොඩි ගේ සහ චරිතා පි‍්‍රයදර්ශනී පීරිස්ගේ ආදරණීය පුතණුවන් වන නව පරපුරේ රංගන හා ගායන ශිල්පී සංගීතඥ චන්දීප ජයකොඩි පසුගිය දා විවාහ දිවියට ඇතුළත් වූයේය. ඔහුගේ අතගත් මනාලිය වූයේ දේශකී ද සිල්වාය. ඇය කලකට ඉහත ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ නාලක ස්වර්ණ තිලකගේ ‘දඟමල්ල’ නාට්‍යයේ සහ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘සෙල්ලම් ගෙදර’ නාට්‍යවලට රංගනයෙන් දායක වූවාය. දැනට ඇය කැනඩාවේ ව්‍යාපාර සංවර්ධන තාක්ෂණ ක්ෂේත්රයේ සේවය කරන්නීය.
මෙම විවාහ මංගල උත්සවය පසුගිය දා ශ්‍රී ජයවර්ධන පුර Monarch Imperial හෝටලයේදී පැවැත්විණි. ඒ සඳහා කලා ක්ෂේත්රයේ සුවිශේෂි පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප- යොහාන් ජස්ටින්-ජනිත ෆොටෝ