ආදර වැස්සක් තිර පරීක්ෂණය 16 දා

ඔක්තෝබර් 6, 2022

 

ප්‍රේමදාස ජයකොඩිගේ නිෂ්පාදනයෙන් ගාමිණී හේවාවිතාරණගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන ආදර වැස්සක් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා රංගනයට සහ නර්තනයට සමත් තරුණියකට අවස්ථාව ඇති බව නිෂ්පාදන කණ්ඩායම සරසවියට දැනුම් දෙයි. වයස අවුරුදු 20ත් 25ත් අතර තරුණියන්ට තිර පරීක්ෂණය සඳහා ඉදිරිපත් වීමට ඔක්තෝබර් 16 වැනි දින පෙරවරු 9.00 සිට ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේදී අවස්ථාව සලසා ඇත.