මනසට සහ සිරුරට ප්‍රමුඛත්වය

ඔක්තෝබර් 6, 2022

 

මෑත කාලීනව අපට අසන්න දකින්න ලැබුණු සංවේදී පුවත් බොහොමයක් පැවසූයේ මානසික අවපීඩනය ගැනයි. බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් ද මෑතකදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මානසික අවපීඩනය සමඟ ඇය කළ සටන ගැන විවෘතව කතා කළාය. දීපිකා තම අදහස් ප්‍රකාශ කිරීමට කිසිවිටෙක පසුබට නොවන නිළියක ලෙසින් ප්‍රසිද්ධය. කලක් තමා පීඩා විඳී මානසික අවපීඩනය සමඟ ඇගේ අත්දැකීම් ඒ ඔස්සේ ප්‍රකාශ කළාය.

දීපිකා පැවසුවේ මානසික රෝගී තත්ත්වයන් පිළිබඳ අත්දැකීම් තමා අද මේ අවකාශයට රැගෙන ආ බවයි. මෙම දැනුම්වත්භාවයට ගෙන ඒමට අසනීපයක් අවශ්‍ය වූ බව ඇය වැඩිදුරටත් පැවසුවාය. ඇය අන් සියල්ලටම වඩා තම මනස සහ ශරීරයට මුල්තැන දෙන බව ද සඳහන් කළාය. තවද යම් දෙයකින් ගොඩ ඒමට විටෙක මෙවැනි අත්දැකීම් විඳීමට සිදුවන බවද ඇය පැවසුවාය. දීපිකා සතුව ඉදිරියට ආකර්ෂණීය නිර්මාණ පෙළක් ඇති බව ප්‍රසිද්ධය. ඇයගේ චිත්‍රපට පෙළගැස්මේ ෂාරුක් ඛාන් සහ ජෝන් ඒබ්‍රහම් සමඟ 'පතාන්' චිත්‍රපටය ඇති අතර රිතික් රෝෂන් සහ අනිල් කපූර් සමඟ 'ෆයිටර්' චිත්‍රපටය ද වේ. 'ෆයිටර්' දීපිකා සහ රිතික් රංගනයේ යෙදෙන පළමු අවස්ථාව වේ.