වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
ගායකයෙක් වුණා නම්...

රොජර් සෙනෙවිරත්නට නළුවකු වෙනවට වැඩිය ගායකයෙකු වුණානම් කොච්චරද හොඳයිද කියා පසුගිය සම්මාන උලෙළක දි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කියා සිටියේය. එය ඇසූ රොජර් කියා සිටියේ මම මීට ඉස්සෙල්ලා නළුවකු නොවේ ගායකයෙකු බවයි. එහෙමද මම දැනගෙන හිටියේ නෑනේ. මම ඒකයි ඒ විදිහට කිව්වේ කියා අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසද්දී, රොජර් කියා සිටියේ අපි මෙවැනි දේවල් කරත් අපිට ඉදිරියට යන්නට පදනමක් නැති බවයි. ආ ඒ ගැන බයවෙන්න එපා මම ඉදිරියට හැම සැලසුමක්ම කරල කලාව වෙනුවෙන් වැඩක් කරන්න තමයි මේ රොජර්ට කියන්න ගියේ කියමින් විදුර වික්‍රමනායක මහතා සියලුදෙනාම සැනසුවේය.