ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ සිසු සිසුවියන්ට ප්‍රායෝගික පුහුණුවක්

නොවැම්බර් 24, 2022

මාධ්‍යකරණය යනු පූර්ණ වශයෙන් ප්‍රායෝගික ක්‍රියාවලියකි. අංකුර මාධ්‍යවේදීන් පුහුණු කළ යුත්තේ සදාචාර සම්පන්න, නිර්මාණශීලී මෙන්ම විචක්ෂණශීලී මාධ්‍ය කලාවක නිරත වීම සඳහාය යන පදනම මත වසර සියයකට අධික කාලයක් අභිමානවත් මාධ්‍ය මෙහෙවරක යෙදෙන පත්තර මහගෙදර මඟින් අභිනවයෙන් ආරම්භ කරන ලද ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ මාධ්‍ය හා සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු කණ්ඩායමේ සිසු සිසුවියෝ ප්‍රායෝගික පුහුණුවක් සඳහා ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්. එච්. සරත් මහතාගේ අඩසියවසක චිත්‍ර නිර්මාණ රැගත් ප්‍රදර්ශනය නැරඹීමට පසුගිය ඉරිදා ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍රයට පිවිසියහ. එහිදී ඔවුන්ට එස්. එච්. සරත් මහතාගේ චිත්‍ර මඟින් පැවසෙන දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික හා පාරිසරික පණිවිඩ පිළිබඳ ඒ මහතා සමඟ සංවාදයක යෙදීමට මෙන්ම සම්මුඛ සාකච්ඡා පැවැත්වීමටත්, තායිලන්තයේ ශිල්පකෝන් විශ්වවිද්‍යාලය සමඟ සරත් මහතාගේ ඇති සම්බන්ධය සහ දෙරටේ චිත්‍ර කලාව පිළිබඳ ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාන්පෝල් මහතා සමඟද, සරත් මහතාගේ චිත්‍රකරණයේ ශිල්ප ක්‍රම සහ නිර්මාණකරණයේ ස්වාධීනත්වය පිළිබඳ චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයකු වන එරල් කෙලී සහ සම්මානනීය චිත්‍රපට නිෂ්පාදක සහ චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ හිටපු සභාපති බුද්ධි කීර්තිසේන මහතා සමඟද සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසිණ. මේ අවස්ථාවට ජනාධිපති සොයුරු චන්න වික්‍රමසිංහ මහතා සහ ඉෂිණි වික්‍රමසිංහ මහත්මිය සහභාගී වූ අතර ඔවුහු වත්මන් ජනමාධ්‍ය පිළිබඳ ඔවුන්ගේ අදහස් කීපයක් සිසු සිසුවියන් සමඟ බෙදාහදා ගත්හ.

සේයාරූ - රංජිත් අසංක