‘මොනර දැල’ විශේෂ දැක්ම

නොවැම්බර් 24, 2022

අජිත් මෙන්ඩිස් තිර රචනය කළ, අරුණ කොළඹගේ නිෂ්පාදනයෙන් දායක වුණු නිශාන්ත ප්‍රදීප් හේමචන්ද්‍ර අධ්‍යක්ෂණය කළ, මොනර දැල, සිනමාපටයේ විශේෂ ප්‍රදර්ශනයක් පසුගිය දින කළම්බු සිටි සෙන්ටර් සිනමා ශාලාවේ දී පැවැත්විණි. ඒ සඳහා රංගනයෙන් දායක වුණු නිල්මිණි තෙන්නකෝන්, රොෂාන් පිලපිටිය, නයෝමි තක්ෂිලා, ගිවන්ත අර්ථසාද්, ජෙහාන් අප්පුහාමි, ෆර්නි රෝෂණී, අසංග පෙරේරා, වසන්ති රන්වල, අමිත් වීරසිංහ සහ ඩිලන්ත මාලගමුව ළමා රංගන ශිල්පීන් වන හෙශාර ධනංජන, සදෙව් වලිමුණි, සඳනි නිසංසිකා, සදෙව් විලාස්, නදිෂ් නිලුක්ෂ, දිලිත වරුණ කුමාර, හංසනි නිසංසලා සහභාගි වූහ.

‘මොනර දැල’ සඳහා ආලෝකකරණය, කැමරාකරණය සහ අධ්‍යක්ෂණය නිශාන්ත ප්‍රදීප් හේමචන්ද්‍රගෙනි. නිෂ්පාදනය අරුණ කොළඹගේ ගෙනි. තිර රචනය සහ ගේය පද රචනය අජිත් මෙන්ඩිස්ය. සංස්කරණය හා වර්ණ සංකලනයෙන් රන්දික නදිශාන් විජයමාන්න, සංගීත අධ්‍යක්ෂණය සහ ගීත ගායනයෙන් සමීර වීරසිංහ, සහාය අධ්‍යක්ෂණයෙන් වසන්ත.කේ වැල්ලවාය, කැමරා සහාය ශෂිල් ශිරෝෂ්, ශ්‍රව්‍ය පටිගත කිරීම නුවන් රංගජීව, අංග රචනයෙන් ළහිරු නිශාන් ධනුෂ්ක, නිෂ්පාදන කළමනාකරණයෙන් දිලින ද සිල්වා, කලා අධ්‍යක්ෂණයෙන් සමන් වන්නිනායක, ඩ්‍රෝන කැමරා ඩිලන්ත රුක්මාල්, සහාය අංග රචනය රන්මුතු සත්සර හා මාධ්‍ය සම්බන්ධීකරණය උපුල් නිශාන්තගෙනි.