වර්ෂ 2023 ක්වූ February 04 වැනිදා Saturday
“සාහිත්‍ය අභිමන්” සම්මාන

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය “සාහිත්‍ය කලා මහෝත්සවයේ 2022” පසුගියදා පැවැත්විණ. එහි සාහිත්‍ය දේශනය පවත්වමින් ප්‍රවීණ නාට්‍යවේදී නීතීඥ ඩග්ලස් සිරිවර්ධන මහතා “නගරයක සිනමා ශාලාවක්, රංග ශාලාවක් නැත්නම් ඒ ප්‍රදේශය සංස්කෘතික වශයෙන් පිරිහී ජනතාව මානසික පීඩනයකට හා කරදර රාශියකට මුහුණපාන බව” ප්‍රකාශ කළේය.
මෙහිදී ප්‍රදේශයේ ප්‍රවීණ කලා ශිල්පීන් පස්දෙනකු හට “සාහිත්‍ය අභිමන්” සම්මාන පිරිනැමීය.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ.පී. පේමදාස ඇතුළු නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරු, කැස්බෑව නගර සභාවේ සභාපති ලක්ෂ්මන් පෙරේරා, ගයාන් ද මෙල්, කැස්බෑව සංස්කෘතික බල මණ්ඩලයේ සභාපති නන්ද උඩුවිල, පිළියන්දල සිංහ සමාජයේ සභාපති චන්දුල හදුගොඩ යන ආරාධිතයන් ද සහභාගි වූහ.