වර්ෂ 2023 ක්වූ February 04 වැනිදා Saturday
අරවින්ද ප්‍රතිභා 27 දා
නොවැම්බර් 24, 2022

ප්‍රවීණ සංගීතඥ ජයන්ත අරවින්ද යන්ගේ සංගීත නිර්මාණ චාරිකාව එළිදැක්වෙන අරවින්ද ප්‍රතිභා සංගීත සම්මන්ත්‍රණය මේ මස 27 වැනිදා ඉරිදා පස්වරු 3.30ට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ. විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන මෙහි ප්‍රධාන දේශන මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ ප්‍රවීණ නාට්‍යවේදී නිශ්ශංක දිද්දෙණිය විසින් සිදු කරනු ඇත.