වර්ෂ 2023 ක්වූ February 04 වැනිදා Saturday
අලුත් තාක්ෂණය එක්ක තමයි

ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ කේ. ඩි. දයානන්දයන් ඇතුළු නළු නිළියන් සහ කාර්මික ශිල්පීන් රැසකට සම්මාන පිරිනැමීමක් පසුගිය දිනෙක පැවැත්විණි. සම්මාන පිරිනැමීමට පෙර පැමිණ සිටි සියලු දෙනා සමඟ කේ.ඩී දයානන්දයන් සුපුරුදු ලීලාවෙන් කතාබහ කළේය. එහිදී ඔහුට කිසියම් අඩු පාඩුවක් දැනුණි. වහා තම ජංගම දුරකථනය ගෙන හිතවතුන් සමඟ ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට ඔහු පෙලඹුණි. එය දුටු සුවිනීතා වීරසිංහ, සුපුරුදු පැරණි කැමරාව අමතක කර නවීන තාක්ෂණයෙන්ම ඔහුගේ බිරිඳගේ සහ තමාගේ ඡායාරූපයක් ගන්නා ලෙස ඉල්ලා සිටියාය. දයානන්දයන් එයට වහා පිළිතුරු දුන්නේ මෙලෙසිනි. “මම කොහොමත් නවීන තාක්ෂණය සමඟ එකතු වෙලයි ඉන්නේ”.