සංචාරක නිළිය

නොවැම්බර් 24, 2022

 

සාරා අලි ඛාන් අවසන් වරට රිදී තිරයට පැමිණියේ ආනන්ද් එල් රායිගේ අත්‍රංගි රේ චිත්‍රපටයෙනි. ඇය එහි ධනුෂ් සහ ආක්ෂේ කුමාර් සමඟින් රඟපෑවාය. සිනමා නිළියක සේම සාරා අලි ඛාන්ගේ සංචාරයට ඇති ආදරය ද කවුරුත් දන්නා කරුණකි. ඇයගේ ඉන්ස්ටග්‍රම් ගිණුමට පැමිණීමෙන් පැහැදිලි වන්නේ කාශ්මීරය ඇයගේ ප්‍රියතම නිවාඩු ගමනාන්තයක් බවයි. මෑතකදී සාරා තම මිතුරු මිතුරියන්න් කිහිප දෙනෙකු සමඟ කාශ්මීරයේ ටුලියන් විල අසල කඳු නැගීමට ගියාය. සාරාට "සොබාදහම, කලාව සහ කවිය" ඇති විට වෙනත් කිසිවක් අවශ්‍ය නොවේ. එම ඡායාරූප පෙළ සමඟ ඇය ශීර්ෂ පාඨය වෙනුවෙන් යෙදුවේ චිත්‍ර ශිල්පී වින්සන්ට් වැන් ගොග්ගේ ප්‍රකාශයකි.

කාරුණික බව සමඟින් සාරා බොලිවුඩයේ කැපී පෙනන චරිතයක් බවට පත් වී සිටී. ඇය සැමවිටම තම රසිකයන්හට ආචාරශීලීව කතාබහ කරමින්, මාධ්‍යයටද කාරුණිකව ආචාර කරන්නීය. එසේම ඇය පැපරාසීන්ගේ ප්‍රියතම චරිතයකි.