වර්ෂ 2023 ක්වූ February 04 වැනිදා Saturday
ශ්‍රී විභූති කලා උලෙළ දා

දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද ශ්‍රී විභූති කලා මහෝත්සවය පසුගිය දින දෙහිවල එස් .ද .එස්. ජයසිංහ රඟහලේදී පැවැත්විණි. කලාව ජනතාව අතරට ගෙන යාමේ අනගි මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විශ්‍රාමලත් ඉන්ජිනේරුවරුන් වන ස්ටැන්ලි හෙට්ටිආරච්චි සහ තුසිත මුනින්ද්‍රදාස යන කලාකරුවන්ට කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අතින් ශ්‍රී විභූති සම්මානය පිරිනැමිණ. මෙදින දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කලාකරුවෝ රැසක් සම්මානයෙන් පිදුම් ලැබූහ. දෙහිවල-ගල්කිස්ස නගරාධිපති ස්ටැන්ලි ඩයස්, දෙහිවල ප්‍රාදේශීය ලේකම් වයි. කේ. ශිරෝමි ජීවමාලා, ජාතික රූපවාහිනී හඬකැවීම් අංශයේ හිටපු අංශ ප්‍රධානී අතුල රන්සිරිලාල්, රත්මලාන, මොරටුව තිඹිරිගස්යාය ආදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ලේකම්වරුන් හා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එදින වැඩසටහනට එක් වූහ.