නිහාල් සිල්වාගේ 34 වැනි ගුණසැමරුම

දෙසැම්බර් 1, 2022

 

සුප්‍රකට කලාකරු නිහාල් සිල්වාගේ 34 වැනි ගුණානුස්මරණ උලෙළ එළැඹෙන 03 වැනි දා සවස 4 ට සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශි) පැවැත්වීමට නියමිතය.

රටක් සිනාවෙන් මුසපත් කර, ප්‍රඥාවෙන් එකලු කළ, නෙතට කඳුළක් එක් කොට නික්ම ගිය සොඳුරු නිහාල් සිල්වා රඟපෑ පුන්තිලා චරිතයත් සාජන්ට් නල්ලතම්බිගේ චරිතයත් ලංකේය වේදිකාවේ සදානුස්මරණීය භූමිකා වේ. මෙවර සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ පුන්තිලා සහ සාජන්ට් නල්ලතම්බි යන නාට්‍යවල පිටපත් රචනා පිළිබඳවයි.

නීතිඥ වසන්ත බණ්ඩාර (පුන්තිලා නාට්‍යයේ පරිවර්තක), ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂක උදයසිරි වික්‍රමරත්න හා සාජන්ට් නල්ලතම්බි නාට්‍යයේ රචක මංජු කාරියවසම් මෙහිදී ප්‍රධාන දේශන පැවැත්වීමට නියමිතය.