ශාන්ත බෙනඩ්ක්ට් විදුහල් කලා උලෙළදා

දෙසැම්බර් 1, 2022

කොළඹ ශාන්ත බෙනඩික්ට් විදුහලේ වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල සුගේය සුසංලාප රසාලෝචන යන තේමාවෙන් ඉකුත්දා විද්‍යාල රංග ශාලාවේදී ප්‍රවීණ ලේඛිකා, ගේය පද රචිකා යමුනා මාලිනී පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි. එදින සිසු දරුවන්ගේ ගායන, වාදන, නර්තන, රංගන, නිවේදන ආදියෙන් උළෙල විචිත්‍රවත් විය. ගේය පද රචනා පිළිබඳ සංවාදාත්මක වැඩසටහනක්ද යමුනා මාලනිය විසින් පවත්වන ලදී. භාෂා සාහිත්‍ය සෞන්දර්ය තරගාවලියෙන් ජය ලැබූ සිසුන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම ද එදින සිදු කෙරිණ. විද්‍යාලයීය ආද සිසු කලාකරුවෝ රැසක් මේ සඳහා සහභාගී වූහ.