වර්ෂ 2023 ක්වූ February 04 වැනිදා Saturday
පිස්සු ඩබල්

ඉන්දියානු එන්ඩීටීටිවී හෙවත් නිව්දිල්ලි ටෙලිවිෂන් ලිමිටඩ්හි විද්යුත් සඟරාව පසුගිය දිනෙක මෙවැනි සටනක් තැබීය. “ඔබට මේ වසර නත්තල ගත කිරීම ගැන විශේෂ සැලසුම් තිබෙනවාද? උත්තරය නැත යන්න නම්, අප ඔබට ආරාධනා කරන්නේ රන්වීර් සිං සහ ඔහුගේ සර්කස් පවුල (Cirkus family) සමඟ එක්ව සර්කස් චිත්රපටය නැරඹීමටය”. එහි සඳහන් කර තිබෙන්නේ මෙම චිත්රපටය විශේෂයෙන්ම ඔබේ පවුල විනෝදාස්වාදය කරා රැගෙන යාමටම නිපද වූ එකක් බවය.
රෝහිත් ෂෙට්ටි විසින් නිර්මාණය කරන ලද මෙම චිත්රපටයේ රන්වීර් ද්විත්ව චරිත නිරූපණය කරන්නේය. මෙම චිත්රපටයේ ජැක්ලීන් ෆර්නැන්ඩ්ස්, පූජා හෙජ් වරුන් ෂර්මා ඇතුළු පිරිසක් රංගනයේ යෙදෙති. චිත්රපටයේ පෝස්ටරය සිය ඉන්ස්ටග්රම් ගිණුමට එක් කරමින් රන්වීර් මෙසේ ලිවීය. ‘පිස්සු ඩබල්. නත්තලට සර්කස් පවුල සමඟ එකතු වන්න’.