රයිගම් ටෙලීස් ‘නිදහස 19’උලෙළ ලබන වසරේ

දෙසැම්බර් 8, 2022

රයිගම් ටෙලීස් උළෙල 2කින් වාර්ෂිකව පැවැත් වේ. ඒ නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල - ව්ධථඪදචබඪධද ඡ්මඥදඪදඨ සහ සම්මාන රාත්‍රියයි.

විවිධ කලා ක්‍ෂේත්‍රයන්හි නියැළි ශිල්පීන්ගේ නිර්මාණ කුසලතාවයන් ඇගයීම තුළ වඩාත් ඉහළ නිර්මාණශිලී හා ගුණාත්මක නිර්මාන බිහිකිරීම උනන්දු කරවීම මෙහි අරමුණ වේ.

2005 වර්ෂයේදී හඳුන්වා දුන් රයිගම් ටෙලීස් උළෙල අඛණ්ඩව වාර්ෂිකව පැවැත්වේ. මේ වනවිට සම්මාන උළෙල වල් අඛණ්ඩව වර්ෂ 18 ක් ඉතා සාර්ථකව පවත්වා ඇත. විශේෂයෙන්ම නිර්මාණ විනිශ්චයේදී ඉහළ ගුණාත්මක භාවයක් රඳවා ගැනීම, සෑම විටම නව්‍යකරණයෙන් යුත් සම්මාන උළෙලක් පැවැත්වීම මෙම තත්ත්වය කෙරෙහි බලපාන ලද ප්‍රධාන සාධක වේ.

මෙවර 19 වැනි සම්මාන උළෙලෙ සඳහා අයදුම් කිරීමේ හා තෝරාගැනිමේ ක්‍රියාවලිය

සම්මාන සඳහා නිර්දේශිතයන් තෝරාගැනිම ආරම්භවන්නේ අයදුම්පත් භාරගැනීම පිළිබඳ ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමෙන් හා නාලිකා වෙත යොමු කෙරෙන අයදුම්පත් කැඳවීමේ ලිපි මඟිනි. සියලු අයදුම්පත් අදාළ නාලිකා ප්‍රධානී විසින් සලකා බැලෙන වර්ෂයට අදාළව විකාශය වූ බවට සහතික කළ යුතුය. නැවත විකාශයන් සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි රූපවාහිනී චැනල මේ සඳහා සුදුසුකම් නොලබයි.

මෙවර 2022 වර්ෂයට අදාළ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2023 ජනවාරි 15 ලෙස තීරණය කර ඇත.

උළෙල සඳහා ඉදිරිපත්වන සියලු නිර්මාණ නිපුණ හා ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක්කෙරේ.

මෙවර රයිගම් ටෙලීස් විනිශ්චය මණ්ඩලය ලෙස බුද්ධදාස ගලප්පත්ති - සභාපති, මහාචාර්ය රෝහිණි පරණවිතාන, රවීන්ද්‍ර ගුරුගේ, හංසමාලා රිටිගහපොල, ජයනාත් ගුණවර්ධන, අරුණ ගුණරත්න මහතා, රංග දසනායක, සමන් වික්‍රමාරච්චි, චම්මින්ද වෙලගෙදර, අබ්දුල් හමීඩ් මහත්වරු සාමාජික ලෙස කයෙුතු කරති.

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය, ටෙලිනාට්‍ය නළුවා සහ නිළිය ප්‍රේක්‍ෂක මනාපයෙන් තෝරාගන්නා අතර වඩාත්ම ජනගත ටෙලිනාට්‍ය රූපවාහිනී වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය දීප ව්‍යාප්ත ජනතා සමීක්‍ෂණයක් මඟින් තීරණය කරනු ලැබේ. විශේෂ ප්‍රණාම සම්මාන සඳහා වන නිර්දේශ විශේෂ උපදේශක සභාවක් මගින් සිදුකෙරේ.

නිදහසේ 19 සම්මාන උළෙලෙට මෙවර ද පසුගිය සම්මාන උළෙලේදි වඩාත් ජනගත ටෙලිනාට්‍යය, රූපවාහිනී වැඩසටහන සහ රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය නමින් නව සම්මාන කුලකයක් රයිගම් ටෙලීස් විසින් හඳුන්වා දී ඇත. වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නඵවා සහ නිළිය පාඨක මනාපය අනුව තීරණය කරනු ඇත.මේ අනුව වඩාත් ජනගත නිර්මාණ තීරණය කිරීම සඳහා ප්‍රවීණ ප්‍රජාවිද්‍යාවේදීයෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්‍ෂමන් දිසානායකයන්ගේ අධීක්‍ෂණය යටතේ දීපව්‍යාප්ත ජනතා සමීක්‍ෂණයක් පැවැත්වෙනු ඇත. මෙම නව කුලකය ශ්‍රී ලංකාවේ ටෙලි සම්මාන සංස්කෘතියේ පාර්ශවකරුන් අතර ඉහළ පිළිගැනීමක් හිමිකරගෙන ඇත.

ජනගත කුලකයේ සම්මාන සඳහා 2023 පෙබරවාරි මස 23 වන දිනට පෙර තම අයදුම්පත් යොමු කරන ලෙස සියලු රූපවාහිනී නාලිකාවන්ගෙන් ඉල්ලා සිටියි.

වඩාත් ජනගත ටෙලිනාට්‍යය,වඩාත් ජනගත රූපවාහිනී වැඩසටහන,වඩාත් ජනගත ප්‍රවෘත්ති විකාශය ජනගත කුලකයේ සම්මාන සඳහා අනුමත වි ඇත.

රයිගම් ටෙලීස් මෙම තත්ත්වය වෙනස් කරමින් සියලු නිර්දේශලාභීන් විශේෂිත උළෙලකට කැඳවා ඔවුන්ගේ හැකියාවන් ඇගැයීමට නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල හඳුන්වා දී ඇත. මෙහිදි සෑම නිර්දේශිතයෙකු සඳහාම එක් වර්ෂයක් සඳහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්‍ෂණයක් තිළිණ කෙරේ. මීට අමතරව ඔවුන්ගේ හැකියාව අගය කිරමින් වටිනා සහතිකයක්ද නිකුත් කරනු ලැබේ.

සම්මාන කුලක ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන

රයිගම් ටෙලීස් උළෙලේ සම්මාන පරාසය පුළුල් කළද ටෙලි නාට්‍ය සඳහා ප්‍රදානය කෙරෙන සම්මාන සංඛ්‍යාව එලෙසින්ම පවත්වාගෙන යාමට රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය තීරණය කර ඇත. මේ අනුව පසුගිය වර්ෂ වලදී මෙන්ම වසරේ විශිෂ්ටතම ගායන, රංගන, තාක්‍ෂණ සහ ටෙලි නාට්‍ය නිර්මාණ කුසලතාවයන් අගයමින් වසරේ විශිෂ්ටතම ප්‍රාසංගික, ඒකාංගික ටෙලි නාට්‍යය ඇතුළු විශිෂ්ටතා සම්මාන ඒ අයුරින්ම ප්‍රදානය කරනු ඇත.

රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන

පුංචි තිරයේ ජනප්‍රියතම අංගය ටෙලි නාට්‍ය වුවද, එහි වැඩිම වේලාවක් අරක්ගත්තේ විවිධ වැඩ සටහන්ය. රූපවාහිනි මාධ්‍යයේ වගකීම වන්නේද ප්‍රේක්ෂකයන්ගේ විනෝදාස්වාදය මෙන්ම, දැනුම, අවබෝධය සහ යාවත් කාලීන කරවීමේ සන්නිවේදන වගකීමයි. එය යුගයේ ප්‍රබලතම විඥාපන මෙවලමයි. මේ නිසා ජනතාවගේ ආනන්දයටත්, ප්‍රඥාවටත් හේතුවන උසස් තත්වයේ නිර්මාණ ඉදිරිපත් කිරිමේ හා තාක්ෂණ කුසලතාවයන් වඩ වඩාත් දකිනු රිසියෙන් මෙම අංශයේ සම්මාන පුවත් වාර්තාකරණය, ප්‍රවෘත්ති නිවේදනය, කාලීන වැඩසටහන්, අධ්‍යාපන, ළමා, සංගීත, රියැලිටි හා දේශපාලන මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කිරිමේ (සම්ප්‍රවේෂකයන්) විශිෂ්ටත්වයන් උදෙසා ද පිරිනමනු ඇත.

මෙම සම්මාන උළෙලේදී ප්‍රවෘත්ති නිවේදනය හා වැඩසටහන් සම්ප්‍රවේශක සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන් වෙනුවෙන් වෙන වෙනම සම්මාන ප්‍රදානය කෙරේ. නිවේදක හා සම්ප්‍රවේශක කුලකය යටතේ සම්මානයක් දිනා ගන්නා අයෙකුට වසර තුනක් ගත වන තෙක් එම සම්මානය සඳහා නැවත අයඳුම් කළ නොහැකිය. ඒ අනුව මෙවර 2019, 2020 සහ 2021 උළෙලවල ජයග්‍රාහකයන්ට නැවත අයදුම් කළ නොහැකිය.

ජනප්‍රිය සම්මාන

මෙවරද වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය, ටෙලි නාට්‍ය නළුවා සහ ටෙලි නාට්‍ය නිළිය ප්‍රේක්‍ෂක ජුරීය විසින් තීරණය කරනු ඇත. තම හෘද සාක්ෂිය ප්‍රකාශ කිරීමේ සාධාරණය ප්‍රේක්‍ෂක ජනතාවට ලබා දෙමින් ජනප්‍රිය සම්මාන ලාභීන් තීරණය කරනු ඇත. මේ සඳහා මහජනතාවට වඩාත් පහසු කෙටි පණිවුඩ ඉර්ඉ ක්‍රමය මෙවරද තමන් සිත්ගත් ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නළුවා, නිළිය ජයග්‍රහණය කරවීම සඳහා තම මතය ප්‍රකාශ කිරීමට ප්‍රේක්‍ෂක ජනතාවට අවස්ථාව ලැබේ.

ජනප්‍රිය සම්මාන සඳහා මනාප ප්‍රකාශ කිරීම පහසු කිරීම සඳහාත් උළෙල පිළිබඳ යාවත් කාලීන තොරතුරු නොපමාව නිකුත් කිරීම සඳහාත්, අචඪඨචථ ඊඥතඥ’ඥඵ නමින් ජංගම දුරකථන යෙදවුමක් (ර්ධඡඪතඥ ඒනන) ද ක්‍රියාත්මක වේ. මෙම යෙදවුම ර්‍ථතචර ඉබධපඥ හරහා බාගත කර ගත හැක. 2023 පෙබරවාරි මස 24 දින සිට 2023 මාර්තු මස 24 දින මධ්‍යම රාත්‍රිය දක්වා මෙම ඉර්ඉ මත විමසුම විවෘතව පවතී. ඉර්ඉ යොමු කළ යුතු දුරකථන අංක ජන මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරනු ඇත.

ජනගත සම්මාන කුලකය

පසුගිය උළෙලේ සිට අලුතින් හඳුන්වා දුන් සම්මාන කුලකයකි. ජනප්‍රිය සම්මාන සඳහා ජයග්‍රාහකයන් ප්‍රේක්ෂක මනාපයෙන් තෝරාගන්නා අතර වසර තුළ විකාශය වූ වැඩසටහන් අතුරෙන් වඩාත්ම ජනගත වූ ටෙලිනාට්‍යය, රූපවාහිනී මාධ්‍ය වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය දීපව්‍යාප්ත ජනතා සමීක්ෂණයක ප්‍රතිඵල පදනම් කරගෙන පිළිගත් ක්‍රමවේදයකට අනුව තීරණය කරනු ඇත.

ප්‍රණාම සම්මාන

රූපවාහිනී ක්‍ෂේත්‍රයේ උන්නතිය සඳහා උතුම් දායකත්වයක් ලබාදුන් කලා ශිල්පීන් හා පුරොගාමීන් සඳහා ප්‍රණාම සම්මාන ප්‍රදානය කිරීම රයිගම් ටෙලිස් සම්මාන උලෙළේ සුවිශේෂී අංගයකි. මේ දක්වා ප්‍රණාම සම්මාන ලැබූවන් අතර රූපවාහිනී කලා මාධ්‍යයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම රූපවාහිනි තාක්‍ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ වූවන්ද විය. මෙම සම්මාන කුලකය යටතේ 2007 වර්ෂයේදී හඳුන්වාදුන් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය සෑම උළෙලකදීම ප්‍රදානය කරන උත්තම සම්මානයයි. මෙම සම්මානය ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන්නකි

රූපවාහිනී නාලිකා ඇගයීම

සම්මාන උළෙළේදී ටෙලි නාට්‍ය අංශයේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් නාලිකාව ‘වසරේ ටෙලිනාට්‍ය නාලිකාව ලෙසද අනිකුත් මාධ්‍ය වැඩසටහන් සඳහා වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් නාලිකාව ‘වසරේ රූපවාහිනි මාධ්‍ය වැඩසටහන් නාලිකාව’ ලෙසද සම්මානයට පාත්‍ර වනු ඇත.

සම්මාන උළෙලේදී සමස්ත වශයෙන් වැඩිම සම්මාන සංඛ්‍යාවක් ඡයග්‍රහණය කරන රූපවාහිනී නාලිකාව වසරේ සම්මානනීය නාලිකාව ලෙස අභිෂේක ලබනු ඇත.

කලාකරුවන්ට පිදෙන දහසින් බැඳී පියලි

මේ යටතේ සම්මාන ජයග්‍රණය කළ ද නොකළ ද සියලුම නිර්දේශ ලාභීන් සඳහා වර්ෂයක කාලයක් සඳහා රුපියල් ලක්ෂයක වෛද්‍ය රක්ෂණයක් සමඟ රුපියල් මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් තිළිණ කෙරිණි. ටෙලි හෝ චිත්‍රපට සම්ම්න උළෙලක් අරභයා ශ්‍රී ලංකාව තුල නිර්දේශලාභීන් මෙසේ ඇගයෙන උළෙල රයිගම් ටෙලි සම්මාන උළෙලයි.

මෙවරද සියලු නිර්දේශලාභීන්ට හිමිවන වරප්‍රසාද වලට අමතරව, රයිගම් ටෙලීස් උළෙලේ සම්මාන ලාභීන් සඳහා රුපියල් ලක්ෂ 30 ක් ඉක්මවන මුදල් ත්‍යාග පිරිනැමේ.

උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන නිර්මාණයන් මෙසේය

ටෙලි නාට්‍ය - 2022 වර්ෂය තුළදී අවසාන කොටස විකාශය කළ දේශීය ටෙලිනාට්‍ය වේ. වෙනත් නිර්මාණ - 2022 වර්ෂය තුළදී ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවක් ඔස්සේ ප්‍රථම වරට විකාශය වී තිබිය යුතුය. නැවත විකාශය කළ නිර්මාණ සලකා නොබැලේ. තවද රියැලිටි වැඩසටහන් ආදිය අදාළ අදියර (ඉඥචඵධද) අවසන් කර තිබිය යුතුය.

කේබල් රූපවාහිනි සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි නාලිකාවල පමණක් විකාශය වු නිර්මාණ සහ හඬකැවීම් ඇතුඵ කිසිදු විදේශ නිර්මාණයක් (හඬකැවීමේ වැඩසටහන උදෙසා වන සම්මානය සඳහා හැර) මෙම උළෙල සඳහා සුදුසුකම් නොලබයි. වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ නිවේදක නිවේදිකා අංශය සඳහා අදාළ නාලිකාව මඟින් හෝ තනිව අයදුම් කළහැකිය.ප්‍රවෘත්ති නිවේදක සහ සම්ප්‍රවේශක කුලකය යටතේ සම්මාන ලබන ඕනෑම ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට එම සම්මානය සඳහා නැවත අයදුම් කළ හැක්කේ වසර 03 ක් ගතවීමෙන් අනතුරුවය.

2022 උළෙල සඳහා අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ වී ඇති අතර එය 2022 ජනවාරි මස 15 වන දිනෙන් අවසන් වේ. මෙවර සම්මාන උළෙල සඳහා නිර්මාණ ඉදිරිපත් කිරිමට අපේක්‍ෂිත නිර්මාණකරුවන් හැකි ඉක්මනින් 0707 061 508 හෝ 0707 061 602 අංක මඟින් රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතා උළෙල සඳහා ඉදිරිපත් කරන නිර්මාණ නිසිපරිදි සම්පූර්ණ කළ අයදුම් පත්‍රයක්ද සමඟ යොමු කළ යුතුය. අයදුම්පත් තම නාලිකාවලින්, ඉහත සඳහන් දුරකථන අංක ඇමතීමෙන් හෝ ඹඹඹ.පචඪඨචථබඥතඥඥඵ.තඬ පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය. අයදුම්පත් සමඟ තම නිර්මාණ ඍර්‍ණඕ හෝ ර්ර්‍ථඡ්ට් වර්ගයේ සංයුක්ත තැටි (ඛ්ච්) සංඛ්‍යාත වීඩියෝ තැටි (ච්ඍච්) මඟින් පහත සඳහන් ලිපිනය වෙත භාරදිය යුතුය, රයිගම් ටෙලීස් නිර්මාණ බාරගැනීමේ විශේෂ කාර්යාල,ඹ්චනපධ ඊඥජඩදධතධඨඪඥඵ, අංක 25, බිම් මහල, ලකී ප්ලාසා ගොඩනැගිල්ල,කොළඹ 03.ජ්ධය ප්‍රදර්ශනාගාරය, හොරණ පාර, කොට්ටාව. (කොට්ටාව ම්ඥඥතතඵ ඉභනඥප ඉදිරිපිට)2023 පෙබරවාරි 24 - නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල - බත්තරමුල්ල, වෝටර්ස්-එජ් පරිශ්‍රයේ මාර්තු 25 - සම්මාන රාත්‍රිය - කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවත්විමට මෙවනවිට කටයුතු යොදා ඇත.