කේක් කට

ජනවාරි 12, 2023

නවක රංගන ශිල්පිනියක් වන සංසලාගේ ජන්ම දින සැමරුම කලාකරුවන් පිරිවරා ගෙන පසුගියදා කටුබැද්ද උත්සව ශාලාවක සමරලා තිබුණා. මෙහි විශේෂත්වය වී තිබෙන්නේ තරගෙට කේක් කෑමයි. එහි පැමිණි සියලු දෙනාගේම කටවල් කේක් කෑල්ලේ තරමට හරි ගිහිල්ලා නෑ .හරි ගිය එකම කට තිබිලා තියෙන්නේ නුවන්ගි ලියනගේට පමණයි. ඇස්වහක් කටවහක් නැතුව කාටත් තේරුම් ගිහිල්ලා තියෙන්නෙ එදා තමයි කට ලොකු වෙන එකත් මේ වගේ වැඩ වලට හොඳයි කියලා. ඒ කේක් කෑල්ල කවපු වෙලාවේ නුවන්ගිට එක එක අය වෙන වෙන කතා කියලා තියෙනවා. කොහොම නමුත් කෙල්ලන්ගේ කටේ විශාලත්වයෙන් ජයග්‍රාහකයා වෙලා තියෙන්නෙ නුවන්ගියි. මේ හේතුවෙන් මේ දවස්වල බොහෝ අයගෙන් කේක් කෑමේ තරඟයට නුවන්ගිට ආරාධනා ලැබෙනවා කියලා තමයි ආරංචිය.