වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
සිනමා ලෝලීන්ට ජාතික නාළිකාවෙන් තිළිණයක්
මාර්තු 16, 2023
සිංහල චිත්‍රපට ලෝලීන්ගේ රසාස්වාදය උදෙසා සම්මානනීය චිත්‍රපට මාලාවක් පැරැණි හා නූතන වශයෙන් සතිපතා විකාශය කිරීමට ජාතික රූපවාහිනිය පියවර ගෙන ඇත. සෑම සිකුරාදාවකම රාත්‍රී 10 ට ජාතික නාළිකාවෙන් විකාශය වන අතර මෙහි සමාරම්භක උත්සවය පෙබරවාරි මස 17 වැනිදා ‘සංදේශය’ චිත්‍රපටය විකාශය කිරීමෙන් ආරම්භ කෙරිණි. හෙට 17 වැනි දින රාත්‍රි 10.00 ‘ගැටවරයෝ’ 24 වැනිදා ‘හංසවිලක්’ මාර්තු 31 ‘විරාගය‘ අප්‍රේල් 07 වැනිදා ‘බක්මහ දීගේ’, 24 වැනිදා ‘ආදර හසුන’, 28 වැනිදා ‘අස්වැසුම’ යන චිත්‍රපට විකාශය කිරීමට නියමිතය.