වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
වෛද්‍ය නෙඕමාල් ගේ ‘දඩඉම’ ජනගත වේ

පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය නෙඕමාල් පෙරේරා තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ ‘දඩඉම’ සිනමා පටය නවකතාවක් ලෙස පසුගියදා දොරට වැඩියේය.
අන්තර්ජාතික කාන්තා දිනය වූ මාර්තු 8 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී කෘතිය ජනගත කෙරුණු මේ අවස්ථාවට ක්ෂේත්‍රයේ කලාකරුවෝ රැසක් සහභාගී වූහ. ‘දඩඉම’ ඔහුගේ මුදුණය වු පළමු නවකතාවයි. සම්මානනීය සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හංසමාලා රිටිගහපොළ එදින ප්‍රධාන ආරාධිතයන් හා දේශකයන් ලෙස සහභාගි වූහ. ‘දඩඉම’ චිත්‍රපටය මේ වසරේද අග භාගයේදී තිරගත වීමට නියමිතය.
සේයා - නිශ්ශංක විජේරත්න