විශිෂ්ටතම මාධ්‍යවේදිනී සම්මානය ගුවන්විදුලියේ ප්‍රියන්තිනීට

මාර්තු 23, 2023

2023 කාන්තා දිනයට සමගාමීව සෞභාග්‍යය පදනම දෙවන වරටත් මෙහෙය වු Femina awards සම්මාන උලෙළ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදි පසුගියදා පැවැත්වුණි. එහිදි විවිධ ක්ෂේත්‍රයන්ගෙන් ඉදිරියට පැමිණි කාන්තාවන් 23 දෙනෙකුට සම්මාන පිරිනැමිණ. මාධ්‍ය ක්ෂේත්‍රයෙන් සමාජයට සිදු කරන ලද සේවාව වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජ්‍යේෂ්ඨ වැඩසටහන් සංවිධායිකා, නිවේදිකා ප්‍රියන්තනී ගමගේ යහම්පත්ට විශිෂ්ටතම මාධ්‍යවේදීනී සම්මානය පිරිනැමිණ.