ගාමිණි ෆොන්සේකා නමින් සිරස මැදිරියක්

මාර්තු 23, 2023

 

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සූරීන්ගේ 87 වැනි ජන්ම දිනය පසුගිය මාර්තු 21 වැනිදාට යෙදී තිබිණි. එය නිමිති කොට ගෙන රත්මලානේ පිහිටි සිරස නාලිකාවේ ස්ටේන් ස්ටුඩියෝහි එක් මැදිරියක් ගාමිණි ෆොන්සේකා සූරීන්ගේ නමින් නම් කිරීමේ උත්සවය හෙට (24) පස්වරු 5.00 ට රත්මලාන ස්ටේන් ස්ටුඩියෝහි කලාකරුවන් රාශියකගේ සහභාගීත්වයෙන් විවෘත කිරීමට නියමිතය. මෙහි ප්‍රධාන දේශනය සරසවිය කර්තෘ විසින් පැවැත්වීමට නියමිතය.