වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
පොන්නියන් සෙල්වම්-2 ප්‍රදර්ශනය අරඹයි

සම්මානිත ඉන්දීය සිනමා අධ්‍යක්ෂ මනිරත්නම් අධ්‍යක්ෂණය කළ, අලිරාජා සුබාස්කරන් නිෂ්පාදනයක් වන පොන්නියන් සෙල්වම් දෙමළ සිනමා පටයේ දෙවැනි කොටස (ර්‍ථඉ -2) ශ්‍රී ලාංකේය ප්‍රදර්ශනය පසුගිය දින ප්‍රදර්ශනය ආරම්භ වුණි.
එය ඊ.ඒ.පී බෙදාහැරිමකි. ඒ.ආර්.රහමාන් සංගීතය සපයා ඇති මේ සිනමා පටය මේ වන විට ලොව පුරා අති සාර්ථකව තිරගත වෙමින් පවතී. ඓයිශ්චර්යා රායි බච්චන්, වික්‍රම් කාර්ති, ජයම්රවි, ත්‍රීෂා ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීහු රැසක් මෙහි රංගනයේ යෙදෙති. ර්‍ථඉ-1 සිනමාපටය කෝටි 2000 ආදායම ඉපයූ අතර මේ සිනමා පටය එම ආදායම ඉක්මවා තිරගත වනු ඇතැයි විචාරකයෝ පවසති. ලෝක ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලාංකේය ප්‍රදර්ශනය සිදුවූ අතර එදින විශේෂ දර්ශනයක් වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමා ශාලාවේ දී පැවැත්විණ. ඒ සඳහා ලාංකේය කලාකරුවෝ රැසක් සහභාගී වූහ.