වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
පාසල් කෙටි චිත්‍රපට උලෙළේ සම්මාන ප්‍රදානය

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් සමඟ Future Lanka Research එක්ව සංවිධානය කරනු ලැබූ මෙතෙක් සිදු වූ සුවිශේෂිතම අන්තර් පාසල් කෙටි චිත්‍රපට තරගාවලියේ සම්මාන ප්‍රදාන උත්සවය පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී කලාකරුවන්, ආරාධිතයන් පිරිවරා පැවැත්විණි.
දැයේ දරුවන්ගේ චිත්‍රපට නිර්මාණකරණය හා මෘදු කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ මේ තරගාවලිය සඳහා මූලික අනුග්‍රහය Trico maritime pvt (Ltd) ආයතනයේ විසින් දක්වන ලදී.
පාසල් පනහකට අධික සංඛ්‍යාවක සිසු සිසුවියන් මේ තරගාවලිය සඳහා කෙටි චිත්‍රපට නිර්මාණය කළ අතර, තරගයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය හිමිකර ගත්තේය. කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විදුහල පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන හිමි කර ගත්තේය. මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල ජනප්‍රියතම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගනු ලැබීය.
ගම්පහ සිරිකුරුස, කොළඹ ඩී.එස් සේනානායක විදුහල, ආණමඩුව ඉඟිනිමිටිය මහා විද්‍යාලය, කිරිඳීවැල මධ්‍ය මහා විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, මරදාන සහිරා විදුහල, මීගමුව ශාන්ත පීතර ජාතික පාසල ඇතුළු පාසල් රැසක් ඔවුන් විසින් නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපටය සඳහා කුසලතා සම්මාන හිමිකර ගන්නා ලදී. ජයග්‍රාහකයන් සඳහා සම්මාන, සහතිකපත් හා මුදල් ත්‍යාග ඇතුළුව ශිෂ්‍යත්ව පිරිනැමීමක් ද එදින සිදු කෙරිණ. චන්ද්‍රන් රත්නම් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට නියමිත අන්තර්ජාතික මට්ටමේ චිත්‍රපට ඇකඩමිය පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීම ද මෙහිදි සිදු කෙරිණ.