වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
කැලණිය පොත් වසන්තය
කැලණිය ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලයේ පුස්තකාලය විවෘත කිරීමට සමගාමීව සංවිධානය කරනු ලබණ කැලණි පොත් වසන්තය එළැඹෙන 21වැනි දා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙය මහර කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී උදෑසන සිට සවස් වනතුරු පැවැත්වේ. එයට සමගාමීව නොමිලේ පවත්වනු ලබන වැඩමුළු මාලාවකි.
වැඩමුළුවේ සමාරම්භක දිනය මැයි 22 සංගීත වැඩමුළුවකින් ඇරැඹේ. 23 නාට්‍ය, 24 පුරාවිද්‍යා හා ඉතිහාසය 25 නර්තනය හා ජන සන්නිවේදනය 26 සාහිත්‍යය 27 පෙර පාසල් වැඩමුළුවෙන් වැඩමුළුව අවසන් වේ.වැඩමුළුව සඳහා සහභාගි වන පාසල් ළමුන් සඳහා වැඩිහිටියන්ට වැඩි විස්තර දැනගැනීම සඳහා 0718206911 සහ 0754130120 යන දුරකථන අංක අමතන්න.