වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
හැංඟු මුහුණ
මැයි 25, 2023

කලාකරුවකුගේ උපන්දින සාදයකට චිත්‍රපට අධ්‍යක්ෂ සුරේෂ් කුමාරසිංහටද ආරාධනා පත්‍රයක් පසුගිය දවසක ලැබී තිබුණා. ඒ සඳහා ඔහු ළඟින්ම සිටින මිතුරකු ද කැඳවාගෙන ගොස් තිබුණා. මධුවිතකින්ද සන්තර්පණය වුණු සුරේෂ් කුමාරසිංහට. ඩී.ජේ .ඩාන්ස් එකට නටන්න අවශ්‍යතාවයක් ද ඇති වුණා. තනියට පැමිණි සගයාද කැටුව ඩාන්ස් එකට සෙට් වුණා. හැබැයි ඔහු ඩාන්ස් කළේ මුහුණ කාටවත් නොපෙනෙන ලෙස හංගා ගෙනයි. එදා ඒ මූණ හැංගුවත් කැමරා කාචයට ඔහුව හන්ගන්න බැරි වුණු බව තව වෙනකන් සුරේෂ් දැනගෙන සිටියේ නැත.