තිර රචකයන්ට වැඩමුළුවක්

ජුනි 1, 2023

 

ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදය විසින් සංවිධානය කරන ලද තිර රචනය පිළිබඳ වැඩමුළුවක් පසුගිය දා රත්මලාන වෘත්තීය පුහුණු විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි. ලාංකේය සිනමාවේ ඉදිරි ප්‍රගමනය අරමුණු කරගත් වැඩසටහන් මාලාවක පළමුවැන්න මෙයයි. ටෙලිනාට්‍ය පිටපත් රචක සහ අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනගේ මූලිකත්වයෙන් ආධුනික තිර රචකයන් සඳහා වැඩමුළුව පැවැත්විණි.

නවක ආධුනික තිර රචකයන් 150 පමණ මේ සඳහා සහභාගී වූහ.